මලක සුවදට හැඩට අපමණ
බමරු ඇදුණා බොහොම දුර සිට
මිලින මල්වල ඵලය දැනගෙන
තුටුව හිනැහුණ බමරු කොයිවෙද
හිරුට අවනත සොදුරු මල් ළඳ
රකින මුනිවත පුරුදු ලෙසටම
කළල පමනක් කුසේ මෝරන
කළට තුටුවන බමරු කොයිවෙද
නැවත ඉපදෙන ඉපිද මිය යන
ලොවක පැවතුම කුසුම නුඹමය
හදෙහි මුවරද රැගෙන තුටුවන
සෙනෙහෙ හඳුනන බමරැ කොයිවෙද
No comments:
Post a Comment