Tuesday, November 22, 2016

ලියන්නට සිදුවිය මෙසේ...


මහ නුවර සිට අනුරාධපුරය දක්වා පැය තුනහමාරක් හමාර කළේ දරාගත නොහැකි අපුල අප්‍රසන්න හැගීමකිනි.
ඉදිරියේ පුළුල් තිරයක් මත කා කොටා ගන්නා ප්‍රේම ජවනිකා ඇතුළත් ලතෝනි අහවරක් නැත.මෙලෙස තරුණ හදවත් ආමන්ත්‍රණය කරන්නේ කවුරුන්දැයි එසේ කිරීමෙන් අත්වන ඉරනම කවරේදැයි තේරුමක් නැති කිරි සප්පයින් බිහිවීමේ ප්‍රවනතාවයේ අඩුවක් නැත.


කොතරම් කතා කලද පලක් නොවනා බව පමනක් පසක්වේ. අප සන්තකයේ ඇති අවසන් පුරුක් කීපයද හැලී ගියපසු බසට රසට කුමක් වේදැයි සිතා ගැනීමටවත් නොහැක . හතු පිපෙන්නා සේ පිපෙන නාලිකා එයට ඉහද පනුවන් ගැසුවා සේ සියල්ල කා වනසා හමාරය ලාංඡනය සුපිරිය එහෙත් ක්‍රියාවන් අප්‍රිය ජනකය.



අනාගතයේදී ....
අපට රටක් නැත
අපට බසක් නැත
අපට රසක් නැත
අපට හෙටක් නැත
කීමට වනු නොඅනුමානය

No comments:

Post a Comment