හද ගැඹර
Wednesday, December 14, 2016
Monday, December 5, 2016
Tuesday, November 22, 2016
පරව වැටෙන මල්
මලක් රුවට පිපිලා හිත
අනිත දහම ළඟ තියා
බලන් මිතුර ඒ අස ඇති
නැතිවී යන ගතිසොබා
මලක් පිපෙයි පරවෙයි හෙට
තවත් කැකුළු හිනැහිලා
පිපෙත් එයට වඩී බමරු
කිසිත් නොදැන ගී කියා
කයත් හැඩට තබා මලක
අසිරි විදින විදින විට දනා
සිතත් නිතර නිතර තබනු
පරව වැටෙන මල් දිහා
අනිත දහම ළඟ තියා
බලන් මිතුර ඒ අස ඇති
නැතිවී යන ගතිසොබා
මලක් පිපෙයි පරවෙයි හෙට
තවත් කැකුළු හිනැහිලා
පිපෙත් එයට වඩී බමරු
කිසිත් නොදැන ගී කියා
කයත් හැඩට තබා මලක
අසිරි විදින විදින විට දනා
සිතත් නිතර නිතර තබනු
පරව වැටෙන මල් දිහා
එපා මිරිවැඩි උනන්නටනම්
ඇවිත් යනවද මගේ මිදුලට
එපා මිරිවැඩි උනන්නට
හද දොරෙන් ඇතුලට ඇවිත්
හද රිදුම් දුුන්නත්
නැවතියන් දොරකඩ ඉතින්
සඳකිදුරියක් වෙන්නට්
පතා අරුමැති පෙමක්
ලැබදෙන්නෙ කොහොමද
පෑරිලා දෙහිතම හුඟක්
උලලේනියේ පලයන් ඉගිල්ලී
බොහො දුරක්
මං අඩන බව නෑසියන්
සදුනේ කාටවත් ...
බමරැ කොයිවෙද
මලක සුවදට හැඩට අපමණ
බමරු ඇදුණා බොහොම දුර සිට
මිලින මල්වල ඵලය දැනගෙන
තුටුව හිනැහුණ බමරු කොයිවෙද
හිරුට අවනත සොදුරු මල් ළඳ
රකින මුනිවත පුරුදු ලෙසටම
කළල පමනක් කුසේ මෝරන
කළට තුටුවන බමරු කොයිවෙද
නැවත ඉපදෙන ඉපිද මිය යන
ලොවක පැවතුම කුසුම නුඹමය
හදෙහි මුවරද රැගෙන තුටුවන
සෙනෙහෙ හඳුනන බමරැ කොයිවෙද
බමරු ඇදුණා බොහොම දුර සිට
මිලින මල්වල ඵලය දැනගෙන
තුටුව හිනැහුණ බමරු කොයිවෙද
හිරුට අවනත සොදුරු මල් ළඳ
රකින මුනිවත පුරුදු ලෙසටම
කළල පමනක් කුසේ මෝරන
කළට තුටුවන බමරු කොයිවෙද
නැවත ඉපදෙන ඉපිද මිය යන
ලොවක පැවතුම කුසුම නුඹමය
හදෙහි මුවරද රැගෙන තුටුවන
සෙනෙහෙ හඳුනන බමරැ කොයිවෙද
ලියන්නට සිදුවිය මෙසේ...
මහ නුවර සිට අනුරාධපුරය දක්වා පැය තුනහමාරක් හමාර කළේ දරාගත නොහැකි අපුල අප්‍රසන්න හැගීමකිනි.
ඉදිරියේ පුළුල් තිරයක් මත කා කොටා ගන්නා ප්‍රේම ජවනිකා ඇතුළත් ලතෝනි අහවරක් නැත.මෙලෙස තරුණ හදවත් ආමන්ත්‍රණය කරන්නේ කවුරුන්දැයි එසේ කිරීමෙන් අත්වන ඉරනම කවරේදැයි තේරුමක් නැති කිරි සප්පයින් බිහිවීමේ ප්‍රවනතාවයේ අඩුවක් නැත.
කොතරම් කතා කලද පලක් නොවනා බව පමනක් පසක්වේ. අප සන්තකයේ ඇති අවසන් පුරුක් කීපයද හැලී ගියපසු බසට රසට කුමක් වේදැයි සිතා ගැනීමටවත් නොහැක . හතු පිපෙන්නා සේ පිපෙන නාලිකා එයට ඉහද පනුවන් ගැසුවා සේ සියල්ල කා වනසා හමාරය ලාංඡනය සුපිරිය එහෙත් ක්‍රියාවන් අප්‍රිය ජනකය.
අනාගතයේදී ....
අපට රටක් නැත
අපට බසක් නැත
අපට රසක් නැත
අපට හෙටක් නැත
කීමට වනු නොඅනුමානය
Subscribe to:
Posts (Atom)